නෙදර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් අලුත් මිනිස් අවයවයක් සොයාගනියි

Saturday, 24 October 2020 - 11:36

නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් විසින් අලුත් මිනිස් අවයවයක් සොයාගනු ලැබ තිබෙනවා. එනම් උගුර ආශ්‍රිතව පිහිටා ඇති අලුත් ඛේට ග්‍රන්ථියක්.

මෙතරම් කාලයකට පසු මේ ආකාරයෙන් අලුත් අවයවයක් සොයා ගැනීම බොහෝ දෙනෙකු තුළ විමතියක් ඇති කර තිබෙන ආකාරයක්ද දැකිය හැකි වනවා.

නෙදර්ලන්තයේ පිළිකා සම්බන්ධ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් තමුන්ගේ මෙම සොයා ගැනීම සම්බන්ධ විස්තර පසුගිය දා Radiotherapy and Oncology නමැති විද්‍යා සඟරාවක පළ කර තිබෙනවා.

ඔවුන් මෙම අලුත් ග්‍රන්ථිය සොයාගෙන ඇත්තේ අහම්බෙන් බවද එහි සඳහන් අතර මෙම අලුත් ග්‍රන්ථිය නම් කර ඇත්තේ ටියුබරියල් ඛේට ග්‍රන්ථිය නමින්.

මෙය සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රවලට ද හසු නොවූ අවයවයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් එය නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත්තේ PSMA PET (Prostate-Specific Membrane Antigen -Positron Emission Tomography) නමින් හැඳින්වෙන නව ස්කෑන් තාක්‍ෂණයක් හරහායි.
98


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?